Top Stories

අකිල ජනතාවට ස්තුති කරයි.

Nadee
අකිල ජනතාවට ස්තුති කරයි.

මෙම කාලය පුරාවටම කැප වී වැඩ කරපු සියලු දෙනාට තම පක්ෂය වෙනුවෙන් ස්තූතිය පුද කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නීතිඥවරු 500කට වැඩි ප්‍රමාණයක් හා විශාල ජනකායක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා පැමිණීම සම්බන්ධයෙන්ද තමා සිය කෘතඥතාවය පළ කරන බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා,
''කැපවීමෙන් වැඩ කරපු සියලුම දෙනාට මම විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ස්තූතිය ඒ වගේම අනෙකුත් පක්ෂ වෙනුවෙනුත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. නීතීඥවරු පන්සීයකට වැඩි ප්‍රමාණයක් ආවා. විශේෂයෙන්ම විශාල ජන කන්දරාවක් අද ආවා. මං හිතන්නේ ඒ හැමදේටම අපි ස්තූතිය පළ කරන්න ඕනේ. ඒ වගේම එකක් කියන්න ඕනේ අපි. මේ අධිකරණය, ස්වාධීනත්වය අපි බලාපොරොත්තු වුණා. ඒ වගේම රනිල් වික්රමසිංහ මැතිතුමාට අසාධාරණයක් වුණ නිසා අපි පෙනී හිටියා මිස අපි දූෂණයට වංචාවට හොරකමට සටන් කරන අය නෙමෙයි. ඒක තවදුරටත් කියන්න ඕනේ.''

එමෙන්ම මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණි සියලුම දෙනාට සිය ස්තූතිය පළ කර සිටියේය.

විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ විපක්ෂනායකවරයා ඇතුළු සියලුම දෙනාටත් අනෙත් පක්ෂවල නායකයින්ටත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහාය ලබා දීම පිළිබඳව සිය ස්තූතිය පළ කරන බව එහිදී ඔහු සඳහන් කළේය.

එමෙන්ම ප්‍රතිවාදීන් ලෙස සිටි නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි සියලුම නීතිඥවරුන්ටත් ඔහු සිය කෘතඥතාවය පළ කර සිටියේය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.