Top Stories

අද උතුරේ සහ නැගෙනහිර හර්තාල්

Akila Nadee
අද උතුරේ සහ නැගෙනහිර හර්තාල්

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (අගෝ. 18) හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය දා මුලතිව් ඔඩ්ඩුසුඩාන් යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිසක් අතුරින් අයෙකු මරණයට පත්වීම සහ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම හර්තාලය ව්‍යාපාරය ක්‍රියාත්මක කර ඇත.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (අගෝ. 17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙස ය.

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින්, ඔවුන් අතර කැලඹීමක් ඇති කරමින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ත් එම බොරු ප්‍රචාරයන්ට නොරැවටී සාමකාමීව කටයුතු කරන්නැයි එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.