Top Stories

අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර.

Nadee
අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර.

අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය  තොගයක් සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද (17) දහවල් අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අවසර ලබා දුන්නාය. 

 ඉකුත් දා මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පසුගිය (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

එසේ භාරවීමෙන් පසුව සම්පත් මනම්පේරි නැමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙසද නියෝග කළේය.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන සම්පත් මනම්පේරි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

 ඊයේ  දිනයෙත් ඔහු අධිකරණයට පැමිනෙතැයි යැයි සිතු මාධ්‍ය කණ්ඩායම් ඇතුළුව ⁣විමර්ශන කණ්ඩායම් අධිකරණ තුනක් අසල රැකවල් ලා සිටියහ. 

එවැනි පසුබීම අද සම්පත් මනම්පෙරි  අධිකරණයට භාර වූ අතර විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය.

 අද දිනයේ වලස්මුල්ල අධිකරණ ප්‍රරිශ්‍රයයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.