Top Stories

අනියම් බිරියගෙන් පළිගැනීමට ඇගේ බලවයස්කාර දියණිය දුෂනය කළ පුද්ගලයකුට වසර 15ක සිරදඬුවම්.

Nadee
අනියම් බිරියගෙන් පළිගැනීමට ඇගේ බලවයස්කාර දියණිය දුෂනය කළ පුද්ගලයකුට වසර 15ක සිරදඬුවම්.

 සිය අනියම් බිරිඳගෙන්  පළිගැනීම සඳහා ඇගේ බාල වයස්කාර දියණිය බරපතළ ලෙස දුශනය  කිරීමේ චෝදනාවට වරදකරුවකු කරනු ලැබූ සැකකරුවෙකුට බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් කුලියාපිටිය මහා මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය නියම කරයි. 

ඊට අමතරව රුපියල් 5000ක දඩයක් ද  දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේ ය.  එකී දඩය සහ වන්දිය නොගෙවන්නේ  නම් අමතර මාස 25ක සිර දඬුවමක්ද නියම කළේය.

 සිය අනියම් බිරිඳ සමඟ ආරවුලක් ඇතිකර ගත් මෙම පුද්ගලයා "උඹට හොඳ පාඩමක් උගන්වන්නම්" යැයි කියා ගොස් එකී බාල වයස්කාර දැරිය ඉගෙනම ලැබූ පාසල වෙත ගොස් ඇයව පාසලෙන් සිය නිවසට කැ,ඳවාගෙනන විත් පාසල් නිළ ඇඳුම පිටින්ම දූෂණයට ලක් කළ බව පැමිණිල්ලෙන් කියැවිණි.

 වසර ගණනාවක් පුරා නඩු විභාගය පැවැත්වූ අතර පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බැවින් එකි තීන්දුව ලබා දෙමින් දඬුවම් නියම කළේය.

 රජයේ අධිනීතීඥ වාසනා තිසේරා මෙනවිය පැමිණිල්ල මෙහෙය විය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.