- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනකු හට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අධිචෝදනා භාර දෙයි.
මේ සම්බන්ධයෙන් ඉකුත් ජනාවාරි 22 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූණි. පසුව නඩු පැවරිමෙන් අනතුරුව අධිකරණය මගින් නිකුත් කළ නොතිසි අනුව අනුර ප්‍රියදර්ශන මහතා සහ ඒ මහතාගේ බිරිඳ ඇතුළු හය දෙනා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.
2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ 61කට අධික මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සාවද්‍ය පරිහරනය ඇතුළු චෝදනා පහක් යටතේ අධිචෝදනා භාර දෙනු ලැබීය.
ඒ අනුව එම මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපොළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම අධි චෝදනා ගොනු කර තිබේ.
එහිදී අධිචෝදනා භාර දිමෙන් අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂ එක බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.
එමෙන්ම ඔවුන්ගේ ඇඟිලි සලකුනු ලබා ගෙන පෙර වැරදි වාර්තා කැඳවන ලෙසද නියෝග කළේය.
ඉන් අනතුරුව නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඔක්තෝබර් 01 වැනිදා ආරම්භ කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.
Note: We do not share your email for posting a comment.
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago