Top Stories

අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරගත කරයි.

Akila Nadee
අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරගත කරයි.

වසර දෙකක කාලය තුළ එනම් 2012.03.31 සිට 2014.03.31 දක්වා  සිය ආදායම අභිබවා මිලියන 46 කට අධික වත්කම් රැස්කළ බව කියන සිද්ධියක් සම්න්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 6 දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.  බෝදරගම අද (23) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකරු ආදායමට වඩා වත්කම් උපයා ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත ගිය අවස්ථාවේදී ඔහු එසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධියට අදාළව සැකකරුගේ බිරිඳගෙන් සහ බිරිඳගේ සහෝදරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව සිද්ධියට අදාළ සැකකරු ලබන හය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගග කළා.

එදිනට සිද්ධිය සම්බන්ධයෙන් කඩනමින් විමර්ශන අවසන් කර ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා  අල්ලස් කොමිසමට නියෝග කළා.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.