Top Stories

අල්ලස් ගත්ත බන්ධනාගාර දොස්තර බන්ධනාගාරගත කරයි.

Admin
අල්ලස් ගත්ත බන්ධනාගාර දොස්තර බන්ධනාගාරගත කරයි.

           අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේව නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක  මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නියෝග කරයි.

අල්ලස් කොමිසම  ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (13)  මෙම නියෝගය නිකුත් කළේය.

බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත ඊයේ අත්අඩංගුවට ගෙන පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළේය. 

ඒ,2024 වර්ෂයේදී, බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු බන්ධනාගාරගත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, තවදුරටත් එහි නේවාසිකව රඳවාගෙන ප්‍රතිකාර සිදු කිරීම සඳහා අල්ලස් වශයෙන් රුලියල් 1,500,000ක් ඉල්ලා ඉන් රුපියල් 300,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ය. 

වෛද්‍ය හේමන්ත රණසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (13) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු දැනට අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැ.බ) ලෙස කටයුතු කරයි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.