Top Stories

අලි රොශාන්ට වසර 15ක සිරදඬුවම්.

Nadee
අලි රොශාන්ට වසර 15ක සිරදඬුවම්.

සමාධි නැමති අලියකු බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස  සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කරයි. 

එහිදී 27 වන චෝදනාවට වසර පහක සිරදඬුවම්ද  28 වන චෝදනාවට වසර 15 සිරදඬුවම්ද නියම කළ අතර එකී සිරදඬුවම් කාලය එක වර වසර 15කින් ගෙවි යන ලෙස නියම කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළේ ය. 

 ඊට අමතරව විත්තිකරුට 27 වන චෝදනාවට ලක්ෂ 2 ක දඩයක්ද එම දඩය නොගෙවන්නේ නම් මාස  03ක ලිහිල් සිරදඬුවම්ද 28 වන චෝදනාවට  රුපියල් ලක්ෂ 204 ක දඩයක්ද නියම කළ අතර එකී දඩය නෙගෛවන්නේ නම් වසර බරපතළ වැඩ සහිත වසර හතරක  සිරදඬුවම්ද නියම කළේය. 

ඊට අමතරව අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියම කළ අතර එම අලියා වහාම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරය පත්කරන ලෙසද නියෝග ක⁣ළේය.

 දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මංජුල තිලකරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු ආර්.එස්.එස්.සපූවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය. 

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළේය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.