Top Stories

අලුත්කඩේ උසාවියට ගල් ගහයි..

Admin
අලුත්කඩේ උසාවියට ගල් ගහයි..

කොළඹ අලුත්කඩේ මහාධිකරණ අංක අටෙහි ඉදිරිපස මාර්ගය අසල කොටසට (09) රාත්‍රියේ කිසිවකු ගල් ප්‍රහාරයක් එල්ලකර තිබෙන බවට කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.


මෙම පැමිණිල්ල පෙරේදා රාත්‍රී 7.30 ට පමණ කරනු ලැබ ඇත්තේ එහි ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක සේවාවක නිලධාරියකු විසිනි.

ගඩොල් කැබලිවලින් සහ ගල්වලින් මෙම පහරදීම කර ඇති බව පොලිසිය කියයි.

මෙම ගල් ප්‍රහාරයෙන් එම අධිකරණ ශාලාවට ඇතුළුවීමට ඇති දොරටුවට සහ ජනේලයකට වැදී විදුරු බිඳී ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පෞද්ගලික ආරක්ෂක සේවාවකට අනුයුක්තව අධිකරණ සංකීර්ණයේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට ශබ්දයක් ඇසී ගොස් බලන විට මේ බව දැක පොලිසියට පැමිණිලි කර ඇත.

ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට යන විට ගෙල්වලින් පහර දුන් අය දක්නට නොලැබුණු බව ද පොලිසියට පවසා ඇතැයි කියති.

කෙසෙල්වත්ත පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Lankadeepa


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.