කටාන පොලිසියේ 2017 වර්ෂයේදී ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවස්ථාවේ දී පොලිස් කොස්තාපල්වරයකුට හා සැරයන්වරයකුට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ජගත් තේමිය සේනාරත්නටඑරෙහිව පවරා ඇති නඩුවේ අවසන් තීන්දුව ලබන මාර්තු 24 වැනිදා නිකුත් කරන බව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කරයි.
අද (27) එම නඩුවේ තීන්දුව ප්‍රකාශ පත් කිරීමට නියමිතව තිබුනත් තීන්දුව සුදානම් නොමැති බැවින් ලබන මාර්තු 24 වැනිදා නිකුත් කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නිතිඥ ෂානක රණසිංහ මහතා කරුණු දැක්වීය.
2017 වර්ෂයේදි තමන් යටතේ සිටි නිලධාරීන් දෙදෙනෙකුට පහර දිමක් සම්බන්ධයෙන් එම නිලධාරීන් විසින් නඩු පැවරු අතර නීතිපතිවරයාගේ උපදෙස් අනුව සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
වසර නවයක දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව ලබන මාර්තු 24 වැනිදා එම නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.
කටාන හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහි නඩුවේ තීන්දුවට දින නියම කරයි.