Top Stories

කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසින් හමුවේ. සියදිවි නසා ගත්තාදැයි විමර්ශනය කරයි.

Akila Nadee
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසින් හමුවේ. සියදිවි නසා ගත්තාදැයි විමර්ශනය කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර අද (08) පෙරවරුවේ ඔහුගේ කොල්ලුපිටිය පිහිටි නිවසේදී සොයාගත් බව පොලිසිය පවසයි.

එයාර් බස් ගනුදෙනුවකට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු පසුගියදා ඇප මත මුදාහරින ලදි . එහෙත් ඔහු ඉදිරිපත්කළ ඇපකරුවන් මුදල් ගෙවා කුළී පදනම මත ලබාගත් අය බව තහවුරු විය .

ඒ අනුව කපිල චන්ද්‍රසේන නැවත අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) වරෙන්තු නිකුත් කළේය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.