- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන බැවින් ඊට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (09) නියම කළේය.
ඒ අනුව විත්තිකරුවන්ට නිසි දිනවල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ට දැනුම් දෙනු ලැබීය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙන බවයි.
මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන නිසා මෙම නඩු කටයුත්ත අවසන් කළ හැකි බව සඳහන් කළේය.
ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ නිසි දිනවල පෙනී සිටින ලෙස නියම කළේය.
මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ අයථා ලෙස රුපියල් මිලියන 98 කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු, වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ දියණියන් තිදෙනා සහ බෑණා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.
රුපියල් මිලියන 98ක අයථා වත්කම් උපයා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනාට හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ හෙට සැප්තැම්බර් ( 10 ) කැඳවීමට නියමිතයි.
පසුගිය නඩුවාරයේදි කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ අය ඒ රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරිණි. ඊට අමතරව විදෙස් ගමන් තහනමන් ද පැනවු අතර ඇඟිලි සලකුනු ලබා ගැනීමට ද නියෝග කළාය. ඊට අමතරව පෙර වැරදි වාර්තාවක් ද කැඳවන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.
චෝදනා 43ක් යටතේ මෙම අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම සඳහන් කර යි.
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල , බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී , දියනියන් වන අමාලි රඹුක්වැල්ල , නයනිකා රඹුක්වැල්ල , චන්දුලා රඹුක්වැල්ල සහ බැනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අය හට අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇත.
Note: We do not share your email for posting a comment.
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago