ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන සැප්තැම්බර් මාසයේදී විදේශ සංචාර දෙකක් සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.
ඒ ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානයේ රාජ්‍ය සංචාරයක් සඳහායි.
ඒ අනූව ප්‍රථමයෙන් නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය (UNGA) සඳහා සහභාගී වනු ඇති.
ඉන් අනතුරුවයි ජපාන රාජ්‍ය සංචාරයට එක්වන්නේ.
මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ ලබන සැප්තැම්බර් 23 වැනිදා ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි.
එමෙන්ම 24 වැනිදා UNGA සමුළුව අමතමින් රජයේ ප්‍රතිපත්ති සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවද අදහස් දක්වනු ඇති බවයි විදේශ අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ.
මේ අතර UNGA සැසිවාරයට සමගාමීව ජනාධිපතිවරයා තවත් ලෝක නායකයින් කිහිප දෙනෙකු හමුවීමට ද නියමිතව තිබෙනවා.
ජනාධිපති අනුර සැප්තැම්බරයේ දී ඇමරිකා සංචාරයක.