Top Stories

ජාතික කිතුනු සාහිත්‍ය සම්මාන උළෙලට නිර්මාණ බාර ගැනේ.

Nadee
ජාතික කිතුනු සාහිත්‍ය සම්මාන උළෙලට නිර්මාණ බාර ගැනේ.

ජාතික කතෝලික  ලේඛක සංවිධානය විසින් සංවිධානය කරනු ලබන රචනා හා චිත්‍ර තරඟාවලිය සඳහා ලබන සැප්තැම්බර් 05 දිනට පෙර නිර්මාණ ඉදිරිපත් කරන ලෙස එම සංවිධානය තරඟය සඳහා ඉදිරිපත්පත් වීමට කැමති තරඟකරුවන්ට දැනුම් දෙයි.

වසය අවුරුදු 10-14 සහ 15-18 යන වයස් කාණ්ඩ යටතේ කතෝලික පාසල් වල ඉගෙනුම ලබන කතෝලික සිසු දරුවන් හට එම තරඟය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

සංගමනශිලිභාවය සහ සින්ඩල් චර්ච් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ යුත්තේ කේසේද ?, ඩිජිටල් හා යු ටියුබ් රැල්ලෙන් ළමා හා තරුණ පරපුර ආරක්ෂා කර ගන්නේ කේසේද?, ජේසුයි මමයි, දෙවන වතිකාන මන්ත්‍රන සභාව, වෙළෙඳ ප්‍රචාරනයේ මානුෂිය වැට, ලමා අපයෝජනයට තිත, ශුද්ධ වූ සන්තියාගෝ මුනිතුමා,ශුද්ධ වූ ජාකොබ් මුනිතුමා, ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමා සහ මරියතුමී යන මතෘකා දහයෙන් එකක් යටතේ චිත්‍ර හා රචනා ඉදිරිපත් කළ හැකිය.

රචනා වචන 250කට නොවැඩි විය යුතු අතර සිංහල ,දෙමළ ,ඉංග්‍රීසි යන භෂා වලින් නිර්මාණය ඉදිරිපත් කළ හැකිය, චිත්‍ර සඳහා   දියසායම්, පැස්ටල් භාවිත කළ හැකි අතර ඒ4 ප්‍රමාණයේ කඩදාසි බොඩ් භාවිතා කළ හැකිය.

එම නිර්මාණ විදුහල්පතිවරයා විසින් සහතික කර  නම,උපන් දිනය, පංතිය, ලිපිනය,  දුරකථන අංකය  ලියා ජාතික කතෝලික ලේඛක සංවිධානය ,ජොගෙන් ශබ්දාගාරය, අංක 45, කිංසි පාර ,කොළඹ 08 යන ලිපිනයට එවිය යුතුය.

ජයග්‍රහකයන්ට සැප්තැම්බර් 22 කොළඹ සෙඩෙක් ආයතනයේදී පැවැත්වෙන කිතුනු සාහිත්‍ය උළෙල සහ රන් සම්මාන උළෙලේ දී ත්‍යාග සහ සහතික පත් පිරිනැමේ.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.