Top Stories

ඩිජිටල් ක්‍රමයට ලංකාව මැන්නොත් වැඩ වරදියි.

Akila Nadee
ඩිජිටල් ක්‍රමයට ලංකාව මැන්නොත් වැඩ වරදියි.

ශ්‍රී ලංකාව ඩිජිටල් ක්‍රමයට මැණුම් කිරීමට අදාලව මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් රටපුරා ස්ථාපිත කිරීමට ගිය යටිතළ පහසුකම් වලට අදාල ටෙන්ඩරය පිරිනැමීම අභියාචනාධිකරණය විසින් අත්හිටවා ඇත.

එම ප්‍රසම්පාදන කටයුත්ත නිසි අයුරින් සිදුව නැතිබව පවසමින් ඊට ඉදිරිපත් වීමට සිටි සමාගම හතරක් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැමීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත .

අදාල ටෙන්ඩරය ඇගයීම් කමිටුවේ සාමාජිකයෙක් ටෙන්ඩරය පිරිනැමූ සමාගමේ සේවකයෙක් ලෙස කලකට පෙර කටයුතු කර ඇති නිසා ලබැඳියාවන් අතර ගැටුමක් පවතින බව පෙත්සම්කාර පාර්ශවයන් පෙන්වාදී ඇත . අධිකරණය එකී විරෝධතාවය පිළිගනිමින් මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.