Top Stories

තුසිත හල්ලෝලුවට ඇප.

Nadee
තුසිත හල්ලෝලුවට ඇප.

 සංවිධානාත්මක ලෙස තමා ගමන් ගත් රථයට වෙඩි තබා ගැනීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුසිත හල්ලොලුව මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක  මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කරයි. 

ඒ අනුව සැකකරුවරු ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා නියෝග කළේය. 

ඉන් අනතුරුව සැකකරු විදේශගත වීම තහනම් කිරීමටද නියම කෙරුණු අතර, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළේය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා තමා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.


අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියද අධිකරණය මඟ හැර සැඟව සිටියදි  පසුගිය අගෝස්තු මස 19 වැනි දා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් ක⁣ළේය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.