අධිකරණ

දේශබන්දුගේ අපෙක්ෂිත ඇපය සම්බන්ධයෙන් නියෝගය ලබන 07 වැනිදාට පසු නිකුත් කෙරේ.

Admin
දේශබන්දුගේ අපෙක්ෂිත ඇපය සම්බන්ධයෙන් නියෝගය ලබන 07 වැනිදාට පසු නිකුත් කෙරේ.

යමෙකු අත්අඩංගුවට ගැනීමට පෙර අපෙක්ෂිත ඇපයක් මත මුදා හැරිමට අධිකාරි බලයක් මහෙස්ත්‍රාත් අධිකරණය සතුව ඇති නමුත් එම බලය භාවිතා කළ යුත්තේ  රටේ අධිකරණයට හා නීතියට ගරු කර පුරවැසියන් වෙනුවෙන් මිසක දින සති ගනන් වහන් වී නීතිය සමච්චලයට ලක් කළ  පුද්ගලයකු වෙනුවෙන් නොව බව රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවේ පැවසීය.  

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, ධුරයේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන අගෝස්තු 07 වැනිදා ලිඛිත විරෝධතා ගොනු කිරිමෙන් අනතුරුව  නිකුත් කරන බව  කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය සියලු පාර්ශ්ව වලට දැනුම් දුන්නාය. 

අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලිඛිත  විරෝධතා ඇත්නම් එදිනට ගොනුකරන ලෙසත් ඉන් අනතුරුව සුදුසු නියෝගයක් නිකුත් කරන බවද  මහේස්ත්‍රාත්වරිය සඳහන්  කළාය.

අරගලය පැවැති අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අදාළ නඩුවක් ගොනු කර ඇති බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් හිටපු පොලිස්පතිවරයා අපේක්ෂිත ඊයේ (05) ඇප ඉල්ලුමක් ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.