Top Stories

නීතිඥ වන්නිනායකට ඇප

Nadee
නීතිඥ වන්නිනායකට ඇප

 ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කළේය.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තිබූ නිතී කෘත්‍ය අද (15) පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි ගුණරත්න වන්නිනායක මහතා, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමග  ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණීමෙන් අනතුරුව මෙම නිතී කෘත්‍ය කැඳවනු ලැබීය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.