දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අද (12දා) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ලවී ඇත.