පිටසක්වළ රට විරුවා - කාව්‍ය සංග්‍රහය (කතෘ - කවිඳු ඩී.සිල්වා)
කවිඳු ඩී. සිල්වාගේ "පිටසක්වළ රටවිරුවා" නැමති කුලුඳුල් කාව්‍ය සංග්‍රහය සාහිත්‍ය මාසය වෙනුවෙන් එලිදක්වනු ලැබීය. මීට වසර දහයකට පමණ පෙර කොරියානු දේශය බලා පිටත්ව යන කවිඳුගේ මේ කාව්‍ය සංග්‍රහයට පාදක වන්නේද කොරියානු දේශයේ ගෙවෙන ජීවිතය සහ එහිදී ලබන අත්දැකීම්ය. කොරියානු දේශයේ සුන්දර අසුන්දර තැන් සේම ආදරය කරුණාව සෙනෙහස ගැනද පියෙකු,පුතෙකු, සැමියෙකුගේ ඇසෙන් මෙන්ම රටවිරුවෙකුගේ ඇසින්ද ඔහු දකින අයුරු අනර්ඝ ලෙස සිය නිර්මාණ කාව්‍ය තුළින් පෙලගස්වා ඇත.
එය කවියට පෙම් කරන පාඨකයින්ට නවමු අත්දැකීමක් වනු ඇත. "පිටසක්වල රට විරුවා" සී.කේ.මිඩියා ලංකා ප්‍රකාශනයකි.
සාහිත්‍ය මාසයේදී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයෙදී මිලදී ගත හැකි ය.
මිල රුපියල් 480/=