- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
කෙටි කාලයකදී කෝටි ගණනක දේපළක් උපයා දේශපාලනඥයින් ඇතුළු විවිධ පුද්ගලයින් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා යැයි කියන
නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලීගේ "ලෝලියා ස්කින් සමාගම මගින් රට පුරා බෙදා හරින ක්‍රීම් වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (15) නියෝග කළේය.
පියුමී හංසමාලි සිය පාරිභෝගිකයින්ට ලබාදෙන ක්‍රීම් වර්ග අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
පියුමි හංසමාලි අයථා වත්කම් උපයා ඇති බවට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශනයට අදාළව විශේෂ මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කළේය.
නීති විරෝධී ඉවත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සම සුදු කිරීම සඳහා ගල්වන ක්‍රීම් මිනිස් ශරීරයට හිතකරද නැද්ද යන්න පිළිබඳව වාර්තා කැඳවීමට අවශ්‍ය බැවින් ඊට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි බැංකු ගිණුම් 19ක් තවත්වාගෙන යෑම. හිටපු ජනපතිවරයකු භාවිතා කර විකුණා ගැනීමට නොහැකි වී තිබූ රුපියල් ලක්ෂ අටසීයකට (කෝටි 08ක) රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම,කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම,ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන බව රහස් පොලිසියේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
Note: We do not share your email for posting a comment.
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago