Top Stories

පිරමීඩ විරෝධි සතියක් ප්‍රකාශයට පත් කෙරේ

Admin
පිරමීඩ විරෝධි සතියක් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමිඩ විරෝධි සතියක් සඳුදා (14) සිට ප්‍රකාශ කර ඇත. ජූලි 18 වැනිදා දක්වා මේ පිරමිඩ විරෝධී සතිය ක්‍රියාත්මක වීමට නියමිත වේ.

මේ වන විට නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයන්හි විශාල වැඩිවීමක් සිදුව තිබීමත් ඒ හරහා මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බවත් දක්වමින් මෙලෙස පිරමීඩ විරෝධි සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

මේ වන විට පිරමිඩ යෝජනා ක්‍රම විවිධ ආකෘතිවලින් සමන්විතව පැමිණෙන බවත්, ඇතැම් පිරමිඩ යෝජනා ක්‍රම ගස් වැවීමේ යෝජනා ක්‍රම හෝ වෙනත් භාණ්ඩ ප්‍රවර්ධන මුවාවෙන් සිදු කරන බවත් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනිය පෙන්වා දුන්නාය.

පිරමිඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම පමණක් නොව, ඒ සඳහා මුදල් යෙදවීම පවා නීතියෙන් තහනම් කර ඇතැයි පැවසූ ඇය මේ තත්ත්වයන්ට නීතිය රකින පිරිස් පවා අසුව ඇති බවත්, එම නිසා මෙලෙසින් සමස්ත ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවත් අවධාරණය කළාය.

අවදානම් පිරමිඩ යෝජනා ක්‍රමයන් නිසා රටක සමස්ත ආර්ථිකයටම බලපෑම් එල්ල වන අතර, 90 දශකයේ ඇල්බේනියාවේ සමස්ත ආර්ථීකය කඩාවැටුණේ ද පිරමිඩ යෝජනා ක්‍රම හේතුවෙනි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.