Top Stories

පොලිස් ලොක්කා අල්ලස් අරන් රිමාන්ඩ් කරයි.

Admin
පොලිස් ලොක්කා අල්ලස් අරන් රිමාන්ඩ් කරයි.

            අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක  මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය  නියෝග කළාය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය අද (14) නිකුත් කළාය.

සැකකරු ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03ක් විවෘත කර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන් ගෙන්, පොලිසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට (රු.14,000,000) ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේ ය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අතිරේක  මහේස්ත්‍රාත්වරිය ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.