ප්‍රධාන පුවත

පොලිසිය හා ගම්මුන් අතර උණුසුම් තත්වයක්.. අයෙක් මරුට..

Admin
පොලිසිය හා ගම්මුන් අතර උණුසුම් තත්වයක්.. අයෙක් මරුට..


වව්නියාව, කූමාංකුලම් ප්‍රදේශයේදී ඊයේ (ජූලි 11) රාත්‍රියේ සිදුවූ සිදුවීමකින් 58 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කූමාංකුලම් මත්පැන්හලක් අසලදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් නතර කිරීමට උත්සාහ කළ යතුරුපැදියක්, පොලිස් අණ නොතකා ධාවනය කර පලා යාමට උත්සාහ කිරීමේදී පෙරළී ගොස් මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ කූමාංකුලම් ප්‍රදේශයේ පදිංචි රාමසාමි ඇන්තෝනිපිල්ලේ මහතාය.


මෙම සිද්ධියත් සමඟ ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර, පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙය හුදු අනතුරක් නොව, පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව හේතුවෙන් සිදුවූ ඝාතනයක් බැවින් අදාළ නිලධාරීන් වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.