- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
සංවිධානාත්මක අපරාධ හා මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන සජිකා ලක්මාලි පත්තිනිගේ නැමැත්තිය තව දුරටත් ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (18) නියෝග කළේය.
අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිට ඉකුත් 4 වැනිදා පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර කාන්තාව මෙම 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණයෙන් නියම කෙරුණි.
ලබන 25 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත්, මෙම සැකකාරියට එරෙහිව අන්තරාදායක ඖෂධ පනත යටතේ අංක 54 දරණ වගන්තිය යටතේ විමර්ශන සිදුකරන්නේද, චෝදනා ගොනු කරන්නේද යන කරුණු සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කළේය. එමෙන්ම ඉදිරි නඩු දිනයේදී සැකකාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු පිළිබඳව අධිකරණයට සහය දැක්විම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නීතිපතිවරයාට දැනුම් දිමක් ද කරනු ලැබීය.
සැකකාරිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාල පූර්ණ සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සැකකාරිය සන්තකයේ තිබි අත්අඩංගුවට ගත් රත්තරං පවුම් 40 සම්බන්ධයෙන් ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්තාවක් කැඳවා ඇති බවත් එය මේ වනතුරු නොලැබුනු බවයි.
දින කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ මෙම මෙම සැකකාර කාන්තාව සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ බවට හඳුනාගෙන ඇති බවත් එම පුද්ගලයාට එරෙහිව හෙරොයින් කිලෝ 37ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබියදි ඔහු බිරිඳ හා දරුවා සමග විදේශ රටකට පලා ගොස් ඇති බවයි.
විදේශ රටකදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් අතර සිටි මෙම සැකකාර කාන්තාව පසුගියදා මෙරටට පැමිණෙන අවස්ථාවේදී තෙහැවිරිදි දැරියකද සමඟ ඇය ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී පවුම් හතලිහක් වටිනා රන් පැහැති භාණ්ඩ කීපයක් අත්අඩංගුවට ගත් බවත් එම රන් පැහැති භාණ්ඩ ඇයට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව හා එහි වටිනාකම් පිළිබඳව මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැන්වීය.
මිද්දෙණිය ප්‍රදේශයේ යතුරුපැදියක යමින් සිටි කජ්ජා නමැත්තෙකු හා ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට මෙම සැකකාරිය හා මේ වන විට පොලිස් රැඳවුම් භාරවේ සිටින ඇගේ සැමියා වන බැකෝ සමන් නැමැත්තා සම්බන්ධ බවට කරුණු අනාවරණයවී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.
මත්ද්‍රව්‍ය කිලෝ තිහක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට එරෙහිව ඇඹිලිපිටිය මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එම මත්ද්‍රව්‍ය කිලෝ තිහ බැකෝ සමන්ට හා ඔහුගේ බිරිඳට අයත් ඒවා බව එම සැකකාර පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දී ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැන්වීය.
එම පුද්ගලයා සතුව තිබූ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මෙම සැකකාරිය විදෙස් ගතව ඇති බවට කරුණු අනාවරණය වන බවද එම නිලධාරීන් අධිකරණයට දැන්වීය.
මෙම සැකකාරිය හා ඔහුගේ සැමියා වන බැකෝ සමන් නැමැත්තා විදෙස් රටවල්හි සැඟව සිට මෙරට ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.
සැකකාරිය සම්බන්ධ විමර්ශන අවසන් කර නොමැති බැවින් ඇය ඇපමත මුදා නොහරින ලෙසද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
සැකකාරය වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ ඇයගේ සැමියා වන බැකෝ සමන් නමැත්තා මෙම සැකකාරියාගේ ස්වාමිපුරුෂයා බවය.
ඔහු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ඇති බවට විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියත් ඔහුගේ බිරිඳවන මෙම සැකකාරිය එවැනි සංවිධානාත්මක අපරාධවලට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ නොමැති බවය.
සිය සැමියා සිටින ස්ථානයන් වෙත යාමට බිරිඳකට සිදුවන බවත් ඒ අනුව බැකෝ සමන් නැමැත්තා සමග ඇය විදෙස්ගතව ඇති බවද ඔහු සමග සිටියා යැයි කියන පදනම මත තම සේවා දායිකාවට එරෙහිව චෝදනා නැගීම අනුමත කළ නොහැකි බවද නීතිඥවරිය පැවසුවාය.
මුදල් විශුද්ධීකරණ පණත යටතේ ඇය අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඇයට එරෙහිව කිසිදු චෝදනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බවද නීතිඥවරිය අධිකරණයට පෙන්වා දුන්නාය.
තම සේවාදායිකාව කුඩා කාලයේ පටන් ඇයගේ හෘදයේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශල්‍ය කර්මයක් පවා සිදුකර ඇති බවත් ඇය තෙහැවිරිදි දැරියකගේ මවක් වවද නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසුවාය.
තම සේවා දායිකාවට අදාළ විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇය ඇපමත මුදා හරින ලෙසද නීතිඥවරිය අධිකරණයේ ඉල්ලා සිටියාය.
විමර්ශන නිලධාරීන් හා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලුවම මහේස්ත්‍රාත්වරයා සැකකාරිය මෙම මස 25 දින දක්වා එසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
Note: We do not share your email for posting a comment.
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago