Top Stories

බැකෝ සමන් හා තැඹිලි ලහිරු රඳවා ප්‍රශ්න කරන්න අධිකරණය අවසර දෙයි.

Nadee
බැකෝ සමන් හා තැඹිලි ලහිරු රඳවා ප්‍රශ්න කරන්න අධිකරණය අවසර දෙයි.

 ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන "බැකෝ සමන්" සහ "තැඹිලි ළහිරු" යන දෙදෙනා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (17) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ  ඉදිරිපත් කෙරුණි.

එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලු වලස්මුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මල්ශා කොඩිතුවක්කු මහත්මිය නියෝග කලේ,  අනුර විදානගමගේ හෙවත් කජ්ජා හා දරුදෙදෙනා ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් බැකෝ සමන් සහ තැඹිලි ළහිරු දෙසැම්බර් 02 වැනිදා දක්වා රඳවා ප්‍රශ්න කරන ලෙසයි.

 විමර්ශන නිලධාරීන් කළ ඉල්ලිමක් සලකා බැලිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම ඉල්ලිම  අවසර ලබා දුන්නාය.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ, "බැකෝ සමන්" සහ "තැඹිලි ළහිරු" ඇතුළු 05 දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආවේය.


Photos & video

VID-20250917-WA0114

Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.