Top Stories

මීගමුවේ මහල් නිවාස සංකීර්ණයක 09 වැනි මහලින් වැටි ස්වීඩන් කාන්තාවක් ජීවිතක්ෂයට.

Akila Nadee
මීගමුවේ මහල් නිවාස සංකීර්ණයක 09 වැනි මහලින් වැටි ස්වීඩන්  කාන්තාවක් ජීවිතක්ෂයට.

මීගමුව සංචාරක කලාපයේ පිහිටි විදේශිකයන් කුලී පදනම මත නවාතැන් ගන්නා " ඕෂන් බ්‍රීස් "  ( OCEAN BREEZE ) නමින් හඳුන්වන මහල් නිවාස සංකීර්ණයක 09 වන මහලෙන් වැටී 26 හැවිරිදි ස්වීඩන් ජාතික කාන්තාවක් අද දින (13/01/2025) සවස 3.40 පමණ  මිය ගොස් තිබේ. 

              මීගමුව වෙරළ උද්‍යාන පිවිසුම මාර්ගය ආසන්නයේ එනම් මීගමුව පොලිස් වසමේ, ඒත්තුකාල , පෝරුතොට පාරේ අංක  28, දරන ස්ථානයේ පිහිටි මෙම මහල් නිවාස සංකීර්ණයේ 09 වන මහලේ 04 වන කාමරයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි ස්විඩන් ජාතික කාන්තාවක් මෙලෙස ඇද වැටීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති බව මීගමුව පොලිසිය පවසයි. 

           මෙලෙස මියගොස් ඇත්තේ  "බයිජ් ප්‍රීජා ඇන් ලොවිසා"  ( Boij freja Anna Lovisa ),  නැමැති වයස අවුරුදු 26 ක කාන්තාවකි. 

               වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව විවාහක අයෙකු බවත්, ඇගේ ස්වාමිපුරුෂයා ව්‍යාපාරිකයකු බවත්  අද දින මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා ව්‍යාපාරික කටයුත්තක් සඳහා කුරුණෑගල ප්‍රදේශයට ගොස් ඇති බවයි. මේ කාන්තාව මෙලෙස මෙම ගොඩනැගිල්ලෙන් වැටී  මිය යාමට පැයකට පමණ පෙර තම ජංගම දුරකථනයෙන් පැයක පමණ කාලයක් කා සමග හෝ සංවාදයක යෙදී සිටින විට මෙලෙස වැටි ඇතැයි අනුමාන කරයි. ඒ අනුව ඇගේ බවට සිතිය හැකි ජංගම දුරකථනය පොලිස් භාරයට ගත් බව ද වාර්තා විය. එලෙසම සිද්ධිය වූ ස්ථානයට මීගමුව නාගරීක හදිසි මරණ පරීක්ෂක  වෛද්‍ය  සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ගොස් එම සිදුවීම සම්බන්ධව  ස්ථානීය පරීක්ෂණයක් සිදුකර එම කාන්තාවගේ මෘත  දේහය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස මීගමුව පොලිසියට නියෝග කර ඇත. එලෙස නියෝග කරමින් මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා  පොලිසියට පවසා ඇත්තේ ඉදිරි කාලයේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත මෙම මෘත දේහය යොමු කර  පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බවයි. එලෙසම මෙම මීගමුව පොලිසිය පැවසුවේ දේහයට බරපතළ තුවාල සිදුව ඇති බවත්, මේ පිළිබඳව  තවත් වැඩිදුර විමර්ශන මේ පොලිසිය මගින් සිදු කරන බවයි.

සටහන-.
අකිලා නදීෂානි බණ්ඩාර..


Photos & video

IMG-20260114-WA0041

Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.