Top Stories

රතන හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Nadee
රතන හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

         හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් රුවනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය . ඒ අද (18) කොළඹ අපරාධ කොට්ටාස කළ කරුණු දැක්විම් සලකා බැලිමෙන් අනතුරුවය.

පැහැරගැනීමක් සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සෝදිසි කිරීමක් ආරම්භ කර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කළත් එය ව්‍යාර්ථ වු බවත් සෝදිසි කිරිම් තවමත් ක්‍රියාත්මක බවත් නිලධාරීන් අධිකරණයට දැන්වුහ.

අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වෙඩිහිගම විමලතිස්ස හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, උන්වහන්සේ කියා සිටින්නේ 2020 මැතිවරණයෙන් පසු රතන හිමියන්ට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට හැකි වූයේ තමන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඊට අත්සන ලබා ගත් නිසා  බවයි.

පැහැර ගැනීම,කූට ලේඛනය, තර්ජනය කිරීම රඳවා තබා ගැනීම,මරණ තර්ජනය කිරීම යන චෝදනා යටතේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්හ.

කොළඹ අපරාධ කොට්ඨාසය පසුගිය දින වල රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා ස්ථාන කිහිපයක් සෝදිසි කර ඇති අතර සෝදිසි මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බව ද නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග කළාය .


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.