Top Stories

රවී, ශානි පත්කළේ කාදිනල්තුමාගේ ඉල්ලීමට..- බිමල්

Admin
රවී, ශානි පත්කළේ කාදිනල්තුමාගේ ඉල්ලීමට..- බිමල්

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර එම තනතුරුවලට පත් කළේ කතෝලික ප්‍රජාවේ නායකයා වන කාදිනල්තුමාගේ ඉල්ලීමක් අනුව බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ශානි අබේසේකර පාස්කු ප්‍රහාරයේ සහ තාජුඩීන් ඝාතනයේ වින්දිතයකු බවත් රවී සෙනෙවිරත්න ද එම ඝාතන පිළිබඳ පරීක්ෂණ කිරීමට ගොස් වින්දිතයන් වූ අය බවත් හෙතෙම අවධාරණය කරයි.

ශානි අබේසේකරලා සිය කාර්යාලයට නිකං ඇවිද ගෙන නොපැමිණි බවත් ඔවුන් අදාළ පරීක්ෂණවලින් නෙරපා දැමූ බවත් ඇමති බිමල් රත්නායක චෝදනා කරයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.