Top Stories

රාජිතට වරෙන්තු මදිවට නොතීසිත්.

Nadee
රාජිතට වරෙන්තු මදිවට නොතීසිත්.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වැනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන  මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය  අද (20) නොතීසි නිකුත් කළාය.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ මෙම නොතීසි නිකුත් කළාය.

 ඒ අනුව ලබන 29 වැනිදා රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටිම අනිවාර්ය වන අතර එදින අධිකරණය මග හැරියහොත් වරෙන්තු නිකුත් කිරිමට මහෙස්ත්‍රාත්වරියට බලය තිබේ.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.