Top Stories

රාජිත හෙට උසාවි එනවා. නීතිඥවරයා මහාධිකරණයට දන්වයි.

Nadee
රාජිත හෙට උසාවි එනවා. නීතිඥවරයා මහාධිකරණයට දන්වයි.

සැකකාර රාජිත සේනාරත්න මහතාට හෙට (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසියට අදාළව ඔහු හෙට දින අනිවාර්යයෙන්ම එම අධිකරණය හමුවේ පෙනී සිටින බව සැකකාර හිටපු අමාත්‍යවරයා  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්දිකා කාලිංගවංශ මහත්මියට දැනුම් දෙයි. 

 ඒ අතර තමාව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තු නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගය ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරිය අද (28) අවසර ලබා දුන්නාය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන විමර්ශන නිලධාරීන්ට ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට නොතිසි නිකුත් කිරීමට ද විනිසුරු වරිය නියෝග කරනු ලැබුවාය.

අල්ලස් කොමිසම විසින් අගෝස්තු 12 වැනිදා කළ ඉල්ලීමක් අනුව කොළඹ මහේස්ත්‍රත් අධිකරණ විසින් සිය සේවාදායකයාට එම වරෙන්තුව නිකුත්කර ඇතත්, එම වරෙන්තුව නිකුත්කර ඇත්තේ සාක්ෂි විමසීමකින් තොරව බවයි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස පේනවා දුන්නේය.

ඒ, අනුව කොළඹ මහේස්ත්‍රත් අධිකරණය ලබාදී ඇති වරෙන්තු නියෝගය නීතියට පටහැනි බව දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් හෙට (29) දිනයේ කොළඹ මහේස්ත්‍රත් අධිකරණ විසින් සිය සේවාදායකයා වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට පෙනී සිටින ලෙස දක්වා නොතීසි නිකුත් කර ඇති බැවින්, ඔහු හෙට (29) දින එම අධිකරණයේ පෙනී සිටින බවත්, හෙට දින දක්වා හෝ අගෝස්තු 12 වැනිදා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලික අත්හිටුවන ලෙස නීතිඥවරයා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකළ මහාධිකරණ විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමටයි කටයුතු කළේය.
ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 10 වැනි දා කැඳවීමට ද නියෝග කළාය.


කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින රාජිත සේනාරත්න අධිකරණය මඟ හරිමින් මේ වනවිට සැඟව සිටියි .


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.