Top Stories

ලෝක ටෙස්ට් ශූරතාවලියේ හයවැනියා වුනාට ලංකාවට කෝටි 25ක්…

Admin
ලෝක ටෙස්ට් ශූරතාවලියේ හයවැනියා වුනාට ලංකාවට කෝටි 25ක්…

ලෝඩ්ස් හිදී පැවැත්වූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයෙන් ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක මුදල් ත්‍යාගයක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 108ක්) පිරිනමා ඇත.

මෙම මුදල, මීට පෙර 2021 දී ජයග්‍රහණය කළ නවසීලන්තය සහ 2023 දී ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියාව උපයා ගත් මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

මෙවර තරගාවලියේ අනුශූරයන් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 2,160,000ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 64.56ක්) හිමි විය.

තෙවැනි ස්ථානයට පත්වූ ඉන්දියානු කණ්ඩායමට ඩොලර් 1,440,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 43ක්) පිරිනමා ඇත.

හතර වැනි ස්ථානයට පත්වූ නවසීලන්තයට අමෙරිකානු ඩොලර් 1,200,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 36ක්) ලැබිණි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේදී හය වැනි තැනට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 840,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 25ක්) පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) කටයුතු යොදා තිබේ


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.