Top Stories

වාහන ආනයන සීමා කරනවාද..- මහ බැංකුවෙන් ප‍්‍රකාශයක්…

Admin
වාහන ආනයන සීමා කරනවාද..- මහ බැංකුවෙන් ප‍්‍රකාශයක්…

රී ලංකා මහ බැංකුව (CBSL)  වාහන ආනයනය සීමා කිරීමට අදාළව කිසිදු තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කර ඇත.

ඇතැම් මාධ්‍ය වාර්තා කළ පරිදි වාහන ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය (මහා භාණ්ඩාගාරය) අතර කිසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුවී නොමැති බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේය.

කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කර තිබුණේ වාහන ආනයනය සීමා කරන ලෙසට මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැහැදිලි කළේ, වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අතර කිසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුව නොමැති බවයි.

එමෙන්ම, වාහන ආනයනය සීමා කිරීමට අදාළව කිසිදු උපදෙසක් හෝ නිර්දේශයක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත ලබා දී නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.

වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු විදේශ සංචිතවලට කිසිදු බලපෑමක් සිදු නොවන බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මක්නිසාද යත්, වාහන ආනයනය සිදු කරනු ලබන්නේ මෙරට වාණිජ බැංකු පද්ධතියේ පවතින ඩොලර් සංචිතවලින් වන බැවිනි.

මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව විදේශ සංචිත ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පවතින බව මහ බැංකුව සඳහන් කරයි.

ආර්ථික විශ්ලේෂකයින්ද පෙන්වා දෙන්නේ වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු ඩොලර් සංචිතවලට කිසිදු බලපෑමක් නොමැති බවයි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.