- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
අධිකරණ ඇමති කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ පවතින අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
දිසා අධිකරණයේ ලඝු ලේඛණ අංශ, ලේඛණාගාරය, දිසා අධිකරණ පැරණි ලේඛනාගාරය, ආපනශාලා පහසුකම්, පිස්කල් අංශ ඇතුළු අධිකරණ සංකීර්ණයේ අවශ්‍යතා නිරීක්ෂණ කළ අධිකරණ අමාත්‍යතුමා සේවකයින් මුහුණ දී සිටින ගැටළු සහ කාර්යාල ඉඩ පහසුකම් පුළුල් කිරීම පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.
විශේෂයෙන් දිසා අධිකරණ ලේඛණාගාර පහසුකම් වැඩිදියුණු කිරීම, විනිසුරුවරුන්ගේ පහසුකම් හා දිසා අධිකරණයේ මේ වන විට සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අවධානය යොමු කළ අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන්, කොළඹ දිසා අධිකරණයේ නිලධාරීන් සහ මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Note: We do not share your email for posting a comment.
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago