Top Stories

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය ආරම්භ වෙයි.

Nadee
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය ආරම්භ වෙයි.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා
 ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවී ආරම්භ වුණා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන,   අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වේ

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.

රජය වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.