Top Stories

ශෂින්ද්‍ර රාජපක්ෂට දින හැත්තෑවකට පසු ඇප.

Nadee
ශෂින්ද්‍ර රාජපක්ෂට දින හැත්තෑවකට පසු ඇප.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල අරගලකරුවන් විසින් විනාශකර ඇති බව පවසමින් හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88,50000 ක වන්දි  ලබාගෙන වංචාවක් කිරීමේ සිද්ධිය
සම්බන්ධයෙන් මාස දෙකකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (14) නියෝග කළේය.


සැකකරුට රුපියල් ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප තුනක් හා රුපියල් 50,000ක  මුදල් ඇපයක් නියම කෙරුණ අතර සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණි.

සැකකරුගේ රෝගී තත්ත්වයන්ට අදාල වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබීම, විමර්ශන කටයුතු අවසන් අදියරේ පැවතීම, හා සැකකරු දින හැත්තෑවක් පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබීම යන කරුණු සැලකිල්ලට ගනිමින් සැකකාරුට එසේ ඇප නියම විය.

මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනීතිකව ඉදිකර තිබූ අරගල කරුවන් විසින් විනාශ කළ බව කියන එම ගොඩනැඟිල්ල වෙනුවෙන් රුපියල් 88 ලක්ෂයක වන්දි මුදලක් සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂට ලබාදීම සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් එවකට හානි පූර්ණ කාර්යාලයේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි යන යන අයද අල්ලස් කොමිසම මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර පසුව දැඩි ඇප කොන්දේසි මත ඇය මුදා හැර තිබුණි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.