Top Stories

ශිරන්තිට අද බැරිලු එන්න.

Akila Nadee
ශිරන්තිට අද බැරිලු එන්න.

පෞද්ගලික හේතුවක් මත අද දිනයේ තමන්ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටිය නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් පොලීසියට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීම සඳහා ඇය විසින් සති දෙකක කාලයක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද උදෑසන 09ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙසට ශිරන්ති රාජපක්ෂ මහත්මියට මීට පෙර දැනුම් දී තිබූ බවයි පොලීසිය පැවසුවේ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එම කැඳවීම සිදු කර තිබූ බව පොලීසිය පැවසුවා.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.