- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ විය.
ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී විභාග අයදුම්කරුවන් 307,951ක් අද විභාගයට මුහුණ දෙනු ඇත.
එමෙන්ම මෙවර විභාගයේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 901 දෙනෙකුද පෙනී සිටින බවත් ඉන් අපේක්ෂකයින් 12 දෙනෙකු බ්‍රේල් මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
මේ අතර අද පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව සිසු දරුවන් විසින් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දුන් ආකාරය සම්බන්ධව ප්‍රශ්න කිරීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස්වරිය දෙමාපියන්ගෙන් කාරුණික ඉල්ලීමක්ද සිදුකරනු ලැබීය.
ඒ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී විභාග කොමසාරිස්වරිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ සිසු දරු දැරියන්ගේ ළමා කාලය ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ශිෂ්‍යත්ව විභාගය පදනම් කරගනිමින් දරුවාගේ ළමා කාලය විනාශ නොකරන ලෙසත්ය.
එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය යනු එක් විභාගයක් පමණක් බවත් මේ හේතුව මත දරුවන් පීඩනයට පත් කිරීමෙන් වළකින ලෙස තමන් දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය,
"විශේෂයෙන්ම මේ පුංචි දරුවන්. මේ පුංචි දරුවන්ගේ ළමා කාලය සතුටින් ගත කරන්න අවස්ථාව සලසා දෙන්න ඕනේ. 05 ශිෂ්‍යත්ව විභාගය කියන හේතුව මතම දරුවන් අධික ලෙස පීඩනයට පත්වීම වළක්වාගන්න එක අපි හැම දෙනාගේම වගකීමක්. දරුවන් තමන්ගේ හැකියාව අනුව විභාගයට පෙනී සිටිනවා. දරුවන්ගේ හැකියාව වෙනස් ඒ නිසා දරුවන් සංසන්දනය කරමින් දරුවන් අද විභාගයට ලිව්වේ මොනවාද?, ඒ උත්තර නැවත හොයලා වැරදි උත්තර ලියලා නම් දරුවන්ට බනින්නට ඒ වගේම දඬුවම් කරන්න යන්න එපා.
හරි උත්තරය ලිව්වාත් වැරදි උත්තරය ලිව්වාත් ඒ දරුවන් ඒ අවස්ථාවේදී ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ආකාරය තමයි ඒ පෙන්වන්නේ. ඉතිං අපේ දරුවන් මොන ආකාරයෙන් පිළිතුරු සැපයෙව්වාත් දරුවාගේ ළමා කාලය කියන එක අපි හැමෝටම ආපහු ගන්නට බැහැ. ඉතිං මේ ළමා කාලය සතුටින් ගත් කරන්නට පිළිතුරු ලිවීම කියන එක පදනම් කරගන්න එපා. ශිෂ්‍යත්ව විභාගය කියන එක දරුවාට එක විභාගයක් විතරයි. අනාගතයේදී දරුවන්ට මීට වඩා හොඳ විභාගවලට මුහුණ දෙන්න හැකියාව මේ දරුවන්ට තිබෙනවා. ඒ නිසා මේ ශිෂ්‍යත්ව විභාගය කියන එක මතම දරුවන්ය පීඩනයට පත්වෙන විදිහට කටයුතු කරන්න එපා කියලා තමයි මම දෙමාපියන්ගෙන් ආදරයෙන් ඉල්ලන්නේ."
Note: We do not share your email for posting a comment.
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago