සනත් ජයසුරියගේ වැටුප් වැඩි වෙන  ලකුණු.

සනත් ජයසුරියගේ වැටුප් වැඩි වෙන ලකුණු.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය මහතාගේ වැටුප වැඩිකීරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය  තීරණය කර තිබෙනවා.

ඒ ඉකුත් දිින පැවති තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති විශේෂ සාකාච්ඡාවකින් අනතුරුවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා මහතා, උප සභාපති ජයන්ත ධර්මදාස මහතා, සනත් ජයසූරිය මහතා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ සාකාච්ඡාව පැවැති අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයසූරියගේ පුහුණුකාරීත්වයට පෙර සහ පසු කණ්ඩායමේ ප්‍රගතිය පිළිබඳව සලකා බලා තිබෙන අතර, ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පුහුණුකාරීත්වය දැරූ සමයට වඩා වැඩි ප්‍රගතියක් සනත් ජයසූරිය මහතාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්නුම් කර තිබෙනවා.

 ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක්, නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක්, එංගලන්තය සමඟ ලැබූ ඵෙතිහාසික ටෙස්ට් තරඟයක ජයක්, බටහීර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරඟාවලි ජයක් සහ තවත් කණ්ඩායම් කිහිපයක් සමඟද තරඟ ජයග්‍රහණය කර ඇත්තේ සනත් ජයසූරිය මහතාගේ පාලන කාලය තුල වීම වි⁣ශේෂත්වයක්. සනත් ජයසූරිය මහතා දැනට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 77ක පමණ වැටුපකට හිමිකම් කියන අතර, ක්‍රිකට් පරිපාලනය අද තීන්දු කර ඇත්තේ එය තවත් ලක්ෂ 30කින් පමණ වැඩි කිරීමටය. මෙය සමඟම සනත් ජයසූරිය මහතාගේ සේවා ගිවිසුම් කාලයද තවත් වසර 03කින් දීර්ඝ කර ඇති අතර 2027 එක්දින ලෝක කුසලානයද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ජයසූරියගේ පුහුණුකාරීත්වය යටතේ වීම ද විශේෂත්වයකි. මෙම වැටුප් වැඩිකිරීම ටී ටුවෙන්ටි ලෝක කුසලානයෙන් අනතුරුව බලාත්මක වීමට නියමිත බව වාර්තා වේ.

Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent