Top Stories

සරණගේ නඩුවටත් නියෝගයක්.

Nadee
සරණගේ නඩුවටත් නියෝගයක්.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවධියේ කල් බදු ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 01 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කරයි.

මෙම නඩුව අද (20) කොළඹ මහාවිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කරනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරිණි.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 01 වැනිදා තෙක් කල් තැබුණි.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කල්බදු ක්‍රමය යටතේ වාහන ලබාගැනීමේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් වාහන ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.