Top Stories

සහල් තියෙනවා.. ආනයනය කරන්න උවමනා නෑ..- නාමල්

Admin
සහල් තියෙනවා.. ආනයනය කරන්න උවමනා නෑ..- නාමල්

මේ වසරේ යල කන්නයේදී කීරි සම්බා ප්‍රමාණවත් තරම් ලැබෙන නිසා, ශ්‍රී ලංකාවට කීරි සම්බා සහල් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මීට සති කිහිපයකට පෙර වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආහාර සුරක්ෂිතතා කමිටුව තීරණය කර තිබුණේ, වෙළෙඳපොළේ කීරි සම්බා මිල ඉහළ යාම පාලනය කිරීමට ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කළ යුතු බවයි.

වත්මන් වෙළෙඳපොළ තත්ත්වය අනුව, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 260 ක පාලන මිලක් නියම කර තිබුණද, බොහෝ සුපිරි වෙළෙඳසැල්වල කීරි සම්බා කිලෝවක් රුපියල් 300 ත් 320 ත් අතර මිලකට අලෙවි වන බව පාරිභෝගිකයන් පෙන්වා දෙයි.

තවද, සමහර වෙළෙඳසැල්වල කීරි සම්බා සහල් නොමැති බවටද පාරිභෝගික පැමිණිලි තිබේ.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.