Top Stories

සුනාමිය හසු වූ දුම්රිය එන්ජිම තවතයි.

Akila Nadee
සුනාමිය හසු වූ දුම්රිය එන්ජිම තවතයි.

2004 සුනාමියට පැරෑලියේදී කොටුවූ අංක 591 දරණ එම් 2 ඛාණ්ඩයේ කැනේඩියානු දුම්රිය එන්ජිම මෙම වසරේ සංකේතාත්මක අනුස්මරණ ධාවනයට යෙදවීමට නොහකිවූ බව වාර්තා වේ.

ඒ අනුව සුනාමි ව්‍යසනයේ 21 වැනි සංවත්සරය සැමරීම සඳහා ආදේශක දුම්රිය එන්ජිමක් භාවිත කරමින් මාතර දක්වා ‘සුනාමි දුම්රිය’ ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (26) පියවර ගෙන තිබිණි.

පසුගිය වසර කිහිපයේදී මෙම අනුස්මරණ ගමන සඳහා නිරන්තරයෙන් භාවිත කරන ලද මුල් දුම්රිය එන්ජිම, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙවර යෙදවිය නොහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

අද උදෑසන එන්ජිමේ අක්ෂයේ දෝෂයක් හඳුනාගෙන ඇති අතර, එමඟින් නියමිත ධාවනය සඳහා දුම්රිය එන්ජිම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.