Top Stories

හයේශිකා නොහොත් ටීචර් අම්මාගේ නඩුව දෙසැම්බර් 10ට කල් යයි.

Nadee
හයේශිකා නොහොත් ටීචර් අම්මාගේ නඩුව දෙසැම්බර් 10ට කල් යයි.

 තම ආයත⁣නයේ සේවය කරන තරුණයකුට පහර දීම සම්බන්ධයෙන් අධිකරණයට භාර වූ  හයේෂිකා ප්‍රනාන්දුට එරෙහිව කටාන පොලිසිය පවරා ඇති   නඩුව යලි  දෙසැම්බර්  10 වැනිදා කැඳවන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කරයි.

 "ටීචර් අම්මා"  යන අනුවර්ත නාමයෙන් හඳුන්වන ප්‍රකට ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරියකු වූ හයේශිකා ප්‍රනාන්දු නැමැත්තිය විසින්  තම අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලයේ සේවය නියතව සිටි 21හැවිරිද තරුණයකුට පහර දීමේ සිදුවීම සම්බන්ධව ඉකුත් මැයි මාසයේ ඇගෙ සැමියා සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

 එම සිදුවීම  සම්බන්ධයෙන් පැවති නඩුව ඊයේ යලී කැඳවනු ලැබු අවස්ථාවේදී  මීගමුව, මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 02 හී, අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය දෙසැම්බර් 10 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළාය . 

          එහිදී මෙම සිදුවීම සම්බන්ධව සවිස්තරාත්මක විමර්ශන  වාර්තාවක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කටාන ,පොලිස් ස්ථානය වෙනුවෙන් අධිකරණටයේ පෙනී සිටි පොලිස් නිලධාරීන්ට නියෝග කල මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර මහත්මිය මෙම සිදුවීම් සම්බන්ධ නඩුව එළඹෙන දෙසැම්බර් 10 වැනි දින එම වාර්තා ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය .

 පොලිස් විමර්ශන සඳහා ඇයව අවශ්‍ය කර තිබු පසුබිමක ඇය පොලිසිය මඟහැර සැඟව සිටින බැවින් පසුගිය දා පොලිස් කණ්ඩායම් තුනක් ඇයව සෙවිමට යොදවා තිබුණි.

එවැනි පසුබිමක ඉකුත් මැයි (14) වැනිදා මිගමුව අධිකරණයේ අධිකරණ ශලා ⁣අංක දෙක වෙත පැමිණ අසුන් ගෙන සිට නඩුව ආරම්භ වී විනාඩි විස්සකට පමණ පසුව නීතිඥවරුන් මගින් අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පෙනී සිටියාය. 

එහිදී පොලිසිය සඳහන් කලේ ඇයව සෙවිමට පොලිසිය යොදවා තිබුනත්  සොයා ගැනීමට නොහැකි වු බව යි.   

එහිදී ඇය වෙනුවෙන් ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සහ ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇප ඉල්ලා සිටි අතර ඇප නියම වි⁣මෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරන තේක් හයේශිකා ප්‍රනාන්දු අධිකරණ ශාලාවේ රිමාන්ඩ් කුඩුව අසල බංකුවේ ඉන්දවා තිබු අතර ඇප ⁣බැදුම්කරයට අත්සන් කිරිම සඳහා බන්ධනාගාර නිලධාරීන් රෙජිස්ට්‍රාර් කාමරය වෙත රැගෙන ආවේය. 

අද නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ද සැකකාර ගුරුවරිය වෙනුවෙන් ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.