Top Stories

හිටපු නාවික හමුදාපතිට ඇප.

Nadee
හිටපු නාවික හමුදාපතිට ඇප.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

නඩුව අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු සළකා බැලූ කුරුණෑගල මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදාපතිවරයා පසුගිය ජූලි මස 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානී රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
 


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.