හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසලදී අද (25) අලුයම ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අනුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට සුදානමක් ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.