- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුති පනත යටතේ අනීතික ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දරන වැයම වලක්වන රිට් ආඥාවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා , පොලිස්පතිවරයා , අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරින්ට නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර යි.
මේ වන විට විවේකයක් ගත කිරීමට තායිලන්තයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින ගම්මන්පිල මහතා ඇටෝනි බලපත්‍රයක් මගින් ලබා දුන් අවසරය මත ඔහු වෙනුවෙන් කොළඹ 10 නොරිස් කැනල් පාරේ අංක 59 ලිපිනයේ පදිංචි නාලක පෙරේරා මහතා විසින් නීතිඥ අනුශා සේරසිංහ මෙනවිය මගින් ඒ පෙත්සම ගොනු කර ඇත.
ඒ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන රවී සෙනෙවිරත්න , අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර , පොලිස්පති ප්‍රියන්ත විරසුරිය, ඇතුළු පිරිසක් නම් කර ඇත.
මේ වන විට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේ තැන්න මහතා සම්බන්ධයෙන් තමා එක්තරා ජාතික පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් දඩමීමා කරගෙන දීර්ඝ කාලයක් රක්ෂත බන්ධනාගාර ගත කොට ඇප ලබා නොදී සිටීමේ සූදානමක් පවතින බැවින් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීමේදී හෝ පැමිණි පසු අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබේ.
තමාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දිනයකදී කොටුව මහේශාත්‍රාත් අධිකරණයට හෝ වෙනත් අධිකරණයකට කරුණු වාර්තා කර ඇති බී වාර්තාවද අභියාචනාධිකරණයට කැඳවන ලෙසත්, එකී බී වාර්තාව ප්‍රකාරව කටයුතු කිරීම වළක්වන ලෙසත් උදේ ගම්මන්පිල මහතා එම පෙත්සම මගින් ඉල්ලා තිබේ.
Note: We do not share your email for posting a comment.
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 4 days ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago