Top Stories

⁣දැඩි සත්කාර ඒකකයේ ඉන්න රනිල්ට දැන් කොහොමද

Nadee
⁣දැඩි සත්කාර ඒකකයේ ඉන්න රනිල්ට දැන් කොහොමද

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කර යි.

බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලටත් එතැනින් ජාතික  රෝහලටත් ඇතුලත් කළ ඒ මහතා වෛද්‍ය උපදෙස් මත ප්‍රථමයෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළේය.

ඉන් අනතුරුවයි හිටපු ජනධිපතිවරයා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති වූ දැඩි විජලන තත්ත්වයෙන් සංකූලතා තත්ත්වයක් මතුව ඇති බවයි රෝහල් ආරංචිමාර්ග මේ වනවිට සඳහන් කරයි.

රෝහලේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේ, ඒ හේතුවෙන් මේ වනවිට හිටපු ජනාධිපතිවරයාගේ හෘදයේ සහ වකුගඩු ආශ්‍රිතව වෙනස් තත්ත්වයක් මේ වනවිට නිරීක්ෂණය කර ඇති බවයි.

මෙම වෙනස් තත්ත්වය දවස් දෙක තුනක් ඇතුළත යළි යථාතත්ත්වයට පත්වීමට බොහෝ විට අවස්ථාවක් ඇති බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර විජලන තත්ත්වය සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ වනවිට තදබල ලෙස ඔළුවේ කැක්කුමක් හටගෙන ඇති බවද ව වාර්තා වේ.

මේ අතර හිටපු ජනාධිපතිවරයාට හෘදයාබාධ ඇතිවීමේ අවධානමක් පවතීද යන්න සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂා කිරීම් සිදුකර ඇත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ අතර ඔහුගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා විශේෂඥ වෛද්‍යවරු මේ වනවිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිති.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය යහපත් ද නැතිද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ලෙස පැවසිය හැක්කේ හෙට (25) දිනයේ  බව රෝහල් ආරංචිමාර්ග අද (24)  සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් සියයට සියයක් සෞඛ්‍ය සම්පන්න නොවුන ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට මනා සිහි කල්පනාවෙන් යුතුව පසුවන බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.