හැමදාම මේ වගේ දවස් එන්නේ නෑ...
.....🌑🌒🌓🌔🌗🌘....
අද රෑ ඒ කියන්නේ සැප්තැම්බර් 7 වෙනිදා ඉදන් සැප්තැම්බර් 8 සඳුදා වෙනකම් රෑ අහසේ හරි අපූරු දෙයක් වෙන්නයි යන්නේ...එදාට අපේ හඳ තද රතු පාටකට හැරෙනවා. මේකට කියන්නේ "රක්ත චන්ද්‍රයා" (Bloody Moon) කියලයි.
මේක පූර්ණ චන්ද්‍රග්‍රහණයක්..අපිට තියෙන ලොකුම වාසනාව තමයි,මේ අපූරු දර්ශනය අපිටත් බලාගන්න පුලුවන් වෙන එක.!
මේකෙදි හඳ සම්පූර්ණයෙන්ම පෘථිවි සෙවනැල්ලෙන් වැහිලා රතු පාට වෙනවා..මේ වෙලාවෙදි හිරුයි හඳයි අතරට පෘථිවිය එන නිසාහිරු එළිය කෙළින්ම පෘථිවියට වැටෙන්නේ නැහැ.හැබැයි පොඩි හිරු එළියක් පෘථිවියේ වායුගෝලය හරහා පෙරී හඳට යනවා.අපේ වායුගෝලයෙන් නිල්පාට ආලෝකය විසුරුවා හැරලා,රතුපාට ආලෝකයට විතරක් යන්න දෙනවා.අන්න ඒ රතුඑළිය හඳේ වැදිලයි අපිට හඳ රතු පාටට පේන්නේ...
සරලව කිව්වොත්,ඉර පායන කොටයි,බහිනකොටයි අපිට අහස රතුපාටට පේන්නේ ඒක හින්දයි.
Face book වෙතින් උපුටා ගැනීමකි.