Top Stories

SSP සතිෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්

Nadee
SSP සතිෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්

පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා ලබන මස 02 වනදා දක්වා  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළාය.

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිශ් ගමගේ මහතා අල්ලස් කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගැණුනා.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයින් හා  විවිධ සේවාවන් ලබා ගැනීම සඳහා පොලිසියට පැමිණෙන ජනතාවගෙන් අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබාගෙන ඇති බවට චෝදනා කරමින්.

අදාල මුදල් මෙම සැකකරුගේ අනුදැනුම මත විවෘත කර තිබූ වෙනත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් තුනක තිබී සොයා ගත් බවයි අල්ලස් කොමිසම  පසුගියදා අධිකරණයට වාර්තා කර තිබුණේ.

සැකකරු අද (19)  දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ  අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.